සුරතල් මසුන් ඇති කිරීම
Saturday, February 6, 2016
බුලත් හපයා
ලංකාවට ආවේණික මාලුවෙක් වන මොහු විදේශ රටවලද ජනප්රිය මාලුවෙකි.මොවුන් 8cmපමන දිගකට වර්ධනය වන අතර මෙම මාලුව වෙනත් මාලු විශේශයන් සමඟ දෙමුහුන් කිරීම මගින් වඩාත් දැකුම්කලු නව මාදිලි බිහි කර ගැනීමටද අභිජනනකරුවන්ට හැකියාව ලැබී තිබේ.
වරකට බිත්තර 10කට වැඩි ප්රමාණයක් දමන අතර දින 1-2කින් ඒවා පිපිරී පැටවුන් එලියට එයි.බිත්තර හා කහමද පැටවුන්ට ලබා දිය හැකිය.
අලංකාරයට ඇති කරන දේශීය මාලුන්
කහ කොරලියා
සත්ත්ව ප්ලවාංග හා ඇල්ගී ආහාරයට ගන්නා කහ කොරලියා ඇතැම්විට කුඩා මාලු පැටවුන්ද ගිල දමන අවස්ථා ඇත.කහ පැහැයට හුරු සිරුරක් ඇති මෙම මාලුවා කිවුල් දිය පරිසරයන් තුල විසීමට වඩාත් ප්රිය කරනු ලබයි.වියලි කලාපයේ ජලජ ශාක අධිකව ඇති වැව් හා වෙනත් ජලාශ වලද දැක ගනීමට ලැබේ.මෙම මාලුවාගේ අලංකාරය නිසාම සුරතල් මාලුවෙක් ලෙස ඇති කරයි.
Monday, January 18, 2016
හැදින්වීම
රැකියාවට ගොස් වෙහෙසවී නිවසට පැමිනෙන විටත් ගෙදර දොර කටයුතු අතර වෙහෙසට පත්ව සිටින විටත් සොඳුරු සුරතල් මසුන් දෙස බලා සිටීමෙන් ඕනෑම කෙනෙකුගෙ මානසික ආතතිය සැනෙකින් දුරු වන බව අපි කවුරුත් දන්නා කරුනක්.
ඒ වගේම කෙනෙක් මසුන් දෙස බලා සිටින්නේ ආදරයෙන් මෙන්ම කරුනාවෙන් වන බැවින් එයද යහපත් මානසිකත්වයක් ඇති වීමට හේතු වෙනවා.
නිරෝගී පුද්ගලයින්ගේ නිරෝගී බව වැඩි කිරීමටත්,හදවත් රෝගීන්ගේ අධික රුධිර පීඩනයෙන් පෙලෙන්නන්ගේ රෝගී බව යම් තරමකින් හෝ දුරු කිරීමටත් සුරතල් මාලුන්ට හැකි බව ඇතැම්විට ඔබ නොදන්නවා ඇති.
මෙවැනි ප්රතිලාභ රාශියක් ලබා දෙන සුරතල් මාලු ගැනත්, මාලුන්ට වැලඳෙන විවිධ ලෙඩ රෝග ගැනත් ඒවාට ලබා දිය යුතු විවිධ ප්රතිකාර ගැනත් මෙම බ්ලොග් අඩවියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
Subscribe to:
Posts (Atom)